මැෂින් එකට වින්ඩෝස් දැම්මාට පස්සෙ මොනවද INSTALL කරගන්නෙ...!

සාමාන්‍යයෙන් අපි පරිගණකයට අලුතින් විනඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පස්සෙ, කරන්නෙ අනෙකුත් යෙදවුම් මෘදුකාංග පරිගණකයේ ස්ථාපනය කරන එකයි. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ එවැනි නොමිලේ ලබාගෙන පරිගණකයේ ස්ථාපනය කරගතහැකි, නොමිලේ ලබාදුන්නත් ඉතා වැදගත් බරින් අඩු මෘදුකාංග කීපයක් ගැන කියන්නයි. මෙයින් අවශ්‍ය සියලුම මෘදුකාංග වර්ග සම්පූර්ණ වේවි.
මේවා හොරබඩු නොවේ; 100%ක් නීත්‍යානුකූල, 100%ක් නොමිලේ ලබාදෙන ආරක්ෂිත, උසස් තත්ත්වයේ විශ්වාසදායක මෘදුකාංග.

01. Antivirus

අපි මුලින්ම කරන්නෙ Antivirus මෘදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටෝල් කිරීම. මෙතැනදී ක්‍රැක්, කීස් සහිතව 2050, 2075 වෙනකල් වැඩ කරන මෘදුකාංග හොයන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ගෙදරදොර/කාර්යාලයීය භාවිතය සඳහා ඇති පරිගණකයකට ඉතා හොඳ නොමිලේ ලබාගතහැකි ඇන්ටිවයිරස් මෘදුකාංගයක් තමයි අවාස්ට්. මම අවුරුදු 4කට වැඩි කාලයක් අවාස්ට් FREE භාවිතා කරනවා කිසිම වයිරස් ප්‍රශ්නයක් නැතිව.


DOWNLOAD :
http://www.filehippo.com/download_avast_antivirus/

ඒ වගේම අපි USB Disk Security මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන්නත් පුරුදු වෙලා ඉන්නවා. බොහෝ විට ක්‍රැක් එකක් සහිතව. ඒත් මේ 100%ක් නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්, Fast Killer.


02. Sinhala Tamil Unicode

පරිගණකයේ සිංහල සහ දමිළ භාෂා (යුනිකෝඩ්) භාවිතා කිරීම සඳහා උපකාරී වන මෘදුකාංගයක් මේ.



03. Internet/Browsers/Plugins/Download Managers

Google Chrome


සීඝ්‍රයෙන් ජනප්‍රියවෙන බ්‍රව්සරයකි. මේ සඳහා වෙනම පෑහිය හැකි එක්ස්ටෙන්ෂන්ස් විශාල ප්‍රමාණයක්ද පවතී.


Firefox


වැඩිම පිරිසක් භාවිතා කරන බ්‍රව්සරයකි. මේ සඳහා වෙනම පෑහිය හැකි ඇඩොනද දහස් ගණනක් පවතී.

ෆයර්ෆොක්ස් සමග Flashgot සහ DownThemAll වැනි ඇඩොන භාවිතා කරන ඔබට IDM වැනි මෘදුකාංග කිසිසේත් අවශ්‍ය නොවේ!

Flash Player




Java Runtime Environment



Skype FREE


TeamViewer FREE


මෙම මෘදුකාංගයේද වාණිජ සංස්කරණය ක්‍රැක්/සීරියල් කීස් සහිතව ඇතැමි අය භාවිතාකරන නමුත් මේ මෘදුකාංගය පුද්ගලික භාවිතය සඳහා එවැනි දේ අවශ්‍ය නොවේ.



Orbit Downloader



04. Utilities

CCleaner, Recuva, Defragler සහ Speccy

පිළිවෙලින් ඔබේ අනවශ්‍ය ෆයිල්ස් ඉවත් කර හාඩ් ඩිස්ක් එක පිරිසිදු කිරීම, මැකී ගිය ෆයිල්ස් නැවත ලබාගැනීම, Defreagment කර කාර්යක්ෂමතාවය වැඩිකරගැනීම සහ පරිගණකයේ විස්තර සාරාංශයක් ලබාගැනීම සඳහා භාවිතා කළ හැකියි.



7ZIP

WinRAR, WinZip වැනි වාණිජ මෘදුකාංග වෙනුවට භාවිතා කළහැකි ඉතා කර්යක්ෂම, විශ්වාසදායී, උසස් තත්ත්වයේ ආදේශකයකි.


StarBurn


Nero වැනි මෘදුකාංග සමග කරට කර තරඟ කරන ඉතා හොඳ CD/DVD/BlueRay Burning මෘදුකාංගයකි. බර්න් කිරීමට අමතරව තවත් පහසුකම් රාශියක් මේ සමග ලැබේ.




Easus Partition Master



05. Media Players/Codecs/Conveters

Klite Codec Pack





KM Player





VLC Player





SPlayer





Media Coder



Format Factory


06. OFFICE+

FOXIT PDF Reader

Adobe Redera වලට වඩා ප්‍රමාණයෙන් ඉතා කුඩා එහෙත් කාර්යක්ෂමතාව අතින් ඉදිරියෙන් සිටින මෘදුකාංගයකි.



OpenOffice




07. Image Editing

PICASA


GIMP



InkScape


වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණකරණය සඳහා වන මෘදුකාංගයකි.



08. 3D Modeling/Animation/Design

Blender

3D Modeling කටයුතු සඳහා භාවිතා කළ හැකි නොමිලේ දෙන මෘදුකාංගයකි.


Sweet Home 3D


Auto CAD වැනි වාණිජ මෘදුකාංග භාවිතා කර අඳිනු ලබන ගොඩනැගිලි සැලසුම් ත්‍රිමානව ඉතා පහසුවෙන් ඇඳියහැකි මෘදුකාංගයකි.



09. Audio Editing/Digital Music

Linux Multi-Media Studio

FL Studio වැනි වාණිජ මෘදුකාංග වෙනුවට භාවිතා කළ හැකි හොඳ ආදේශකයකි.


Audacity


Adobe Audition වැනි වාණිජ මෘදුකාංග වෙනුවට භාවිතා කළ හැකි ශබ්ද සංස්කරණ මෘදුකාංගයකි.

10. Desktop Publishing

 Scribus


Adobe Pagemaker වැනි මෘදුකාංග වෙනුවට භාවිතා කළ හැකි හොඳ ආදේශකයකි.



11. Video Editing

 LightWorks





පරිගණකයෙන් වැඩගන්න අපි පුරුදු වෙලා ඉන්නෙ ඇන්ටිවයිරස් එකේ ඉඳන් මීඩියා ප්ලේයරය දක්වා සියල්ල ක්‍රැක්/සීරියල් සහිතව සොයාගන්නයි. ඒත් පරිගණකයකින් වැඩ කරන්න ක්‍රැක් සීරියල් සහිත මෘදුකාංගම උවමනා වෙන්නෙ නැහැ. ඊටත් වඩා හොඳ තත්ත්වයේ නොමිලේ දෙන මෘදුකාංග ඕනෑතරම් තියෙනවා. ඒත් අපි පිළිගන්න කැමති නැහැ. මොකද “ලාභ බඩුවෙ හිලක් තියෙනවා“ කියල කතාවක් තියෙනවනේ. නමුත් මෘදුකාංග ක්ෂේත්‍රයට ඒක වලංගු නැති බව ඔබට වැටහේවි.

ස්තුතියි!

Comments